කටුපොල් වගාව සම්පූර්ණයෙන් ම තහනම්…! ජනපති අණින් ගැසට්ටුව නිකුත් වෙයි…!

April 23, 2021 at 10:09 am | by emanisa.lk

ශ්‍රී ලංකාවේ කටුපොල් වගාව සම්පූර්ණයෙන් ම තහනම් කරන ගැසට්ටුව නිකුත් විය.

ජල උල්පත් සිඳීයාම, පාංශු ඛාදනය ඇතුළු බොහෝ පාරිසරික ප්‍රශ්න සඳහා හේතු වී ඇති කටුපොල් වගාව තහනම් කිරීම ජනතාවගේ දිගුකාලීන ඉල්ලීමකි.

එම ගැස්ට්ටුව අනුව දැනට කටුපොල් වගාකර ඇති බිම් වසරකට 10% බැගින් රබර් ඇතුළු පරිසර හිතකාමී වෙනත් වගාවන් සඳහා යොමු කළ යුතුය.

සියලු ම රාජ්‍ය නිලධාරීන් කටුපොල් වගාව සම්පූර්ණයෙන් නිමා කිරීම සඳහා ගෙන ඇති තීන්දුව ක්‍රියාත්මක කිරීමට ගතයුතු තීන්දු තීරණ වහා ගත යුතු බව ද එහි වැඩි දුරටත් දැක්වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස