කටුපොල් මාෆියාවට නොනැමුණු ජනපතිට දේශහිතෛෂීන්ගෙන් පැසසුම්!

March 1, 2020 at 1:43 pm | by emanisalk

ජාතික සංවිධාන සහ පොදු මහජනතාවගේ විරෝධතා සැලකිල්ලට ගනිමින් කටුපොල් වගාව  වර්ධනය කිරීම සඳහා යම් පාර්ශව විසින් ගනු ලැබූ උත්සහාය නැවැත්ත්වීවීම  පිළිබඳව ජනාධිපතිවරයාට දේශහිතෛහී ජාතික ව්‍යාපාරය  සිය ස්තූතිය සහ ගෞරවය පුද කර සිටියි.

මේ පිළිබඳව ජනාධිපතිවරයා වෙත යොමුකළ සම්පූර්ණ ලිපිය මෙසේය.

විවිධ සමාජ ක්‍රියාකාරීන්ගේ ජාතික සංවිධානවල සහ පොදු මහජනතාවගේ විරෝධතා සැලකිල්ලට ගනිමින් දේශීයව කටුපොල් වගාව හෙක්ටයාර් 20,000 ක් දක්වා වර්ධනය කිරීම සඳහා යම් පාර්ශව විසින් ගනු ලැබූ උත්සහාය නැවැත්ත්වීම  පිළිබඳව පලමුවෙන්ම ඔබතුමා වෙත අපගේ ස්තූතිය සහ ගෞරවය පුද කිරීමට කැමැත්තෙමු.

ඒ ආකාරයට ව්‍යාපාරිකයින්ගේ අයුතු බලපෑම්වලට අවනත නොවී සෘජු සහ යුක්තිගරුක තීන්දු ගැනීම මඟින් සමස්ථ ජනතාවට ඉතා සුවිශේෂි පණිවිඩයක් ලබා දී ඇත.

ඒ අතර දැනට පවතින හෙක්ටයාර් 10,000 ක කටුපොල් වගාව මඟින් තෙල් ලබා ගැනීම සඳහා ඉතා ප්‍රාථමික සහ නොදියුණු තාක්ෂණයන් යොදාගැනීම නිසා බරපතල මහජන සෞඛ්‍ය ප්‍රශ්නයක් සහ පාරිසරික ප්‍රශ්ණයක් පැන නැගී ඇත.

එම කර්මාන්තශාලා 02 මඟින් නිකුත් කරන අපද්‍රව්‍ය කොළඹ මළඅපවහන පද්ධතියට මුසු කොට නීති විරෝධීව මහ මුහුදට මුදා හරින අතර ආහාරයට ගැනීම සඳහා වෙළඳපළට නිකුත් කරන තෙල් වල ප්‍රමිතිය සහතික කිරීමක් සිදුවන්නේ නැත.

එම නිසා එම තෙල් වල පිළිකාකාරකයක් වන ” ග්ලිසිඩොල් ” නැමැති කාබනික රසායනය විශාල වශයෙන් අඩංගු විය හැක. ඒ අනුව ඒ පිළිබඳව ද සොයා බලා වහා පිළියම් යොදනු ඇතැයි අපි අපේක්ෂා කරමු.

ගුණදාස අමරසේකර ,

සභාපති.

දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය.

  •   
  •   


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස