කටුනායක ආයෝජන කලාපයේ 5000ක්ස සිරවෙලා! වෛද්‍ය පරීක්ෂණයෙන් සමත් වන සැම නිවෙස්වලට!

March 27, 2020 at 1:12 pm | by emanisa.lk

කටුනායක අපනයන සැකසුම් කළාපයේ සේවය කරන වනතුරු තම නිවෙස් වෙත යෑමට නොහැකිව නේවාසිකාගාරවල රැඳී සිටි සේවක පිරිස් ඔවුන්ගේ නිවෙස් වෙත රැගෙන යෑමේ වැඩසටහන අද (27) දින ආරම්භ විය.

ඒ සඳහා මේ වන විට 5,000 කට අධික පිරිසක් කටුනායක අපනයන සැකසුම් කළාපය වෙත අද අලුයම 5.00 සිට පැමිණ සිටියහ.

කටුනායක පොලීසිය ඊයේ (26) දින රාත්‍රියේ ශබ්දවාහිනී යන්ත්‍ර උපයෝගී කර ගනිමින් මේ පිළිබඳ පුවත ප්‍රදේශය පුරා ප්‍රචාරය කර තිබිණි.

මෙම වැඩසටහන ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය, කටුනායක පොලීසිය, ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, කර්මාන්තශාලා හිමිකරුවන් සහ ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් සංවිධානය කර තිබිණි.

ඒ අනුව මෙසේ කටුනායක අපනයන සැකසුම් කළාපය වෙත පැමිණි සේවක පිරිස් ප්‍රථමයෙන් කටුනායක පොලීසිය පිහිටුවා ඇති මධ්‍යස්ථානයේ ලියාපදිංචි කෙරේ.

ඉන් අනතුරුව ඔවුන් ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් සෞඛ්‍ය පරීක්ෂණයකට ලක් කරන අතර ඉන් සමත්වන පිරිස බස් රථ මගින් නිවෙස්වලට යවනු ලැබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස