කටකතා බොරු ප්‍රචාරවලට රැවටෙන්නෙපා! ලංකාවේ බැංකු පද්ධතිය සුරක්ෂිතයි! – මහ බැංකුව

May 23, 2020 at 8:12 am | by emanisa.lk

ශ්‍රී ලංකාවේ බැංකු පද්ධතිය ස්ථාවර යැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති එච්.ඒ. කරුණාරත්න ඊයේ  (22) පැවැසීය.

බැංකු ක්ෂේත්‍රය පාරිභෝගිකයන් සමඟ සමීපව කටයුතු කරන බවත් එය යහපත් හා ධනාත්මක මට්ටමක පවතින බව ඔහු කීය.

ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය සහ ඉදිරි අභියෝග සම්බන්ධයෙන් පැවැති සංවාදයට එක්වෙමින් නියෝජ්‍ය අධිපති එච්.ඒ. කරුණාරත්න එම කරුණු සඳහන් කළේය.

සිය පාරිභෝගිකයන් ආරක්ෂා කරගැනීම බැංකුවල වගකීමක් බවත් බැංකු ක්ෂේත්‍රය ජාත්‍යන්තර මෙන්ම ශ්‍රී ලංකාවේ ප්‍රමිත හා තත්ත්වලට අනුකූලව කටයුතු කර ඇතැයි ද හෙතෙම කීය.

ශ්‍රී ලංකා මහ බැංකුව නිසි රෙගුලාසි හරහා බැංකුවලට අවශ්‍ය සහාය සහ පහසුකම් සපයා ඇති බවත් ඒ අනුව ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතයෙන් එල්ල කර තිබෙන නිසි පරිදි කළමනාකරණය කරගැනීමට මෙරට බැංකු පද්ධතියට හැකියාව ඇති බවත් ඔහු තවදුරටත් පැවැසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස