කටකතාවලට හසුවන්න එපා….! නැව ගිනි ගැනීම මත්ස්‍ය පරිභෝජනයට ගැටලුවක් නෙමෙයි…! – නාරා ආයතනය

June 7, 2021 at 8:35 pm | by emanisa.lk

මත්ස්‍ය පරිභෝජනය සඳහා කිසිදු ගැටලුවක් නොමැති බව නාරා ආයතනය විසින් දැනුම් දී තිබෙන බව රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

ගිනි ගැනීමට ලක්වූ එම්.වී. එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ රසායනික ද්‍රව්‍ය සහ එහි තිබූ වෙනත් අපද්‍රව්‍ය මුහුදට එකතු වීමත් සමග ඇතැම් පාර්ශ්ව මත්ස්‍ය පරිභෝජනය නුසුදුසු බවට විවිධ ප්‍රකාශ සිදුකරමින් පවතී.

කෙසේ වෙතත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරන්නේ නාරා ආයතනයේ මූලික වාර්තා අනුව මත්ස්‍ය පරිභෝජනයේ කිසිදු ගැටලුවක් නොමැති බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *