ඖෂධ සහ උපකරණ මිලට ගැනීම අන්ත දූෂිතයි! ජනපතිගෙන් රාජිතට ප්‍රහාරයක්..

June 29, 2019 at 6:45 pm | by emanisa.lk

ඖෂධ හා නවීන වෛද්‍ය උපකරණ මිලදී ගැනීමේ දී ඉන් ජනතාවට ලැබෙන ප‍්‍රතිලාභයට වඩා විශාල මුදලක් අක‍්‍රමිකතාවට ලක්වීම බටහිර වෛද්‍ය ක්ෂේත‍්‍රයේ ප‍්‍රබල ගැටලුවක් බවට පත්ව ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

ජනාධිපතිවරයා මේ බව ප‍්‍රකාශ කළේ මනම්පිටිය ග‍්‍රාමීය ආයුර්වේද රෝහලේ නව වාට්ටු සංකීර්ණය ජනතා අයිතියට පවරාදීමේ අවස්ථාවට ඊයේ (28දා) පස්වරුවේ එක් වෙමිනි.

බටහිර වෛද්‍ය විද්‍යාව කෙතරම් දියුණු වුව ද මෙරට දේශීය වෛද්‍ය ක‍්‍රමයේ වටිනාකම් තවමත් යටපත් කිරීමට නොහැකි වී ඇති බව ද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස