ඕස්ට්‍රේලියාවේ ඇම්බියුලන්ස් එකකට කතා කළා ම දෙකක් එනවා…! – අනුර දිසානායක…

July 12, 2023 at 8:52 am | by emanisa.lk

ලෝකයේ සෑම රටක ම වැඩිපුර ම අවධානය යොමු කරන්නේ මිනිස් අයිතිවාසිකම් පිළිබඳ යැයි ජාතික ජන බලවේග නායක අනුර දිසානායක පවසයි.

මෑතක තමන් ඕස්ට්‍රේලියාවට ගිය බවත් එම රටේ තත්ත්වය ද එය ම බවත් හෙතෙම සඳහන් කරයි.

අනුර දිසානායක සඳහන් කළේ, කිසිවෙකු රෝගී වී ඇම්බියුලන්ස් එකකට කතා කළ විට ඇම්බියුලන්ස් දෙකක් පැමිණෙන බවයි.

ඒ එක ඇම්බියුලන්ස් එකක කිසියම් දෝෂයක් ඇති වුවහොත් අනෙක් ඇම්බියුලන්ස් එකේ රෝගියා රැගෙන යාමට බවයි, ඔහු ප්‍රකාශ කළේ.

ජාතික ජන බලවේග ජනහමුවක් අමතමින් අනුර දිසානායක මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *