ඕවාද ප්‍රාතිමෝක්ෂය වදාළ උතුම් නවම් පුර පසළොස්වක පොහොය දිනය අදයි….!

February 26, 2021 at 7:41 am | by emanisa.lk

බුදු සසුනේත් බුද්ධ චරිතයේත් උදාර සිදුවීම් රැසක් සිදුවුණු ඓතිහාසික පූජනීය දිනයක් ලෙස නවම් පුර පසළොස්වක් පොහොය හැඳින්විය හැකිය.

සැරියුත්-මුගලන් හාමුදුරුවන්ට අගසව් තනතුරු ලබා දීම සිදුවන්නේ අද වැනි පොහෝ දිනක ය. මුලින් පැවිදි වූ භික්‍ෂූන් සිටිය දී ළඟ දී සසුනට ඇතුළු වූ සැරියුත් -මුගලන් හිමිවරුන්ට අගසව් තනතුරු දීම ගැන ඇතැම් භික්‍ෂූන් දොස් නැගූහ. සැරියුත් – මුගලන් දෙනම සංසාරයේ දීර්ඝ කාලයක් අගසව් තනතුරු පතා ගෙන ඒ සඳහා අවශ්‍ය පින් රැස්කරගත් නිසා එම තනතුරුවලට සුදුස්සන් බව බුදුන් වහන්සේ දේශනා කළහ.

සම්බුද්ධ ශාසනයෙහි ප‍්‍රථම වරට මහා සංඝ සන්නිපාතය සිදුවූයේත් නවම් පසළොස්වක් පොහෝ දවසක ය. බුදුන්වහන්සේ විසින් මහා සංඝයාට ඕවාද ප‍්‍රාතිමෝක්‍ෂය වදාළේත් නවම් පුණු පොහෝ දිනයක. ඕවාද ප‍්‍රාතිමෝක්‍ෂය යනු භික්‍ෂූන්වහන්සේලාට හික්මීම පිණිස අවශ්‍ය විනය මාලාවයි. අල්පායුෂ්ක බුදුවරුන්ගේ ශාසනවල ඕවාද ප‍්‍රාතිමෝක්‍ෂය වදාරන්නේ මුල් අවුරුදු විස්ස තුළය. ගෞතම බුද්ධ ශාසනය ද එවැන්නකි.

අතීතයේ ලොව පහළ වූ විපස්සී නම් බුදුන් අවුරුදු අසූදහසක් ද, සිඛී නම් බුදුන් අවුරුදු හැත්තෑදහසක් ද, කකුසඳ බුදුන් අවුරුදු හතළිස් දහසක් ද, කෝණාගම බුදුන් අවුරුදු තිස්දහසක් ද, කාශ්‍යප බුදුන් අවුරුදු විසිදහසක් ද, පරමායුෂ විඳ ඇත.

ගෞතම බුදුන්ගේ ආයු කාලය අවුරුදු අසූවකි. මෙතෙක් කාලයකින් පිරිනිවන් පාන්නේමියි, කාලය සීමාකර ගැනීම ආයු සංස්කාරය අත්හැරීමයි. එය ද සිදුවුණේ නවම් පුර පසළොස්වක දවසකය.

කොවිඩ්-19 සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් මෙවර ද පොහොය දිනය වෙනුවෙන් වෙහෙර විහාරස්ථානවල ආමිෂ හා ප්‍රතිපත්ති පූජා පැවැත්වෙයි.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *