ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් එල්ලවිය හැකි ඕනෑම අභියෝගයකට මුහුණදීමට සූදානම් බව සංචාරක හා සිවිල් ගුවන් සේවා ඇමැති ප්‍රසන්න රණතුංග පවසයි.
හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන දිගින් දිගටම විවේචනය කිරීම සම්බන්ධයෙන් ප්‍රසන්න රණතුංග ඇමැතිවරයාට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පෙරේදා (13) ප්‍රකාශ කළේය.
මේ පිළිබඳව ඇමැති ප්‍රසන්න රණතුංගගෙන් කළ විමසීමකදී ඔහු පැවැසුවේ ජනතාව දැනුවත් කිරීමේ අරමුණින් තමන් එව ප්‍රකාශ නිකුත් කළ බවයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තමන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයන් දැනුවත් කළ බවත්, ඔවුන් සමග සාකච්ඡා කර තීරණයක් ගන්නා බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.