ජනාධිපති රනිල් වික්‍රමසිංහ කොළඹ රැඳී සිටින තානාපතිවරුන් ඊයේ හවස ජනාධිපති කාර්යාලයට කැඳවා තිබේ.
උදෑසන ආරක්ෂක අංශ යොදවා ජනාධිපති ලේකම් කාර්යාලය මුදවා ගැනීම පිළිබඳ එම තානාපති කාර්යාල මගින් නිකුත් කළ නිවේදන පිළිබඳ එහි දී ජනාධිපතිවරයා විමසා තිබේ.
එහි දී ජනාධිපතිවරයා අදාළ මෙහෙයුම පිළිබඳ තානාපති අංශ දැනුම්වත් කර ඇති අතර මින් පසු නිවේදන නිකුත් කිරීමට පෙර සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරෙන තොරතුරු මත පදනම් නොවී රජයේ බලධාරීන්ගෙන් විමසා ඒ පිළිබඳ තොරතුරු ලබා ගන්නා ලෙස ඉල්ලා තිබේ.
අරගලකරුවන්ට අධිකරණ නියෝගය අනුව ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රයෙන් පෙරේදා උදෑසන 06 වන විට ඉවත් වන ලෙස දැනුම් දුන්න ද ඔවුන් ඊට අවනත නොවී දිගින් දිගට ම එහි රැඳී සිටි බවයි, ජනාධිපතිවරයා එහි දී පෙන්වා දී ඇත්තේ.
එහි දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇතැම් තානාපතිවරුන්ගේ විමසා ඇත්තේ ඔබේ රටේ ජනාධිපති කාර්යාලය විරෝධතාකරුවන් විසින් අල්ලා ගතහොත් නිහඬව සිටින්නේ ද කියාය.