ඔබේ ප්‍රදේශයට කරන්ට් කැපෙන්නේ මෙහෙමයි! විදුලිබල මණ්ඩලයේ කරන්ට් කපන කාල සටහන මෙන්න!

March 25, 2019 at 9:02 pm | by admin

දිවයින පුරා විදුලිය විසංධි වන වෙලාව සහ ඒ හා අදාළ ප්‍රදේශ සඳහන් කරමින් ලංකා විදුලිබල මණ්ඩලය විසින් කාලසටහනක් නිකුත් කර ඇත.

ඒ අනුව දහවල් කාලයේ පැය 03ක් සහ රාත්‍රී කාලයේ පැයක් ලෙස දිනකට අවස්ථා දෙකක් සෑම ප්‍රදේශයකටම විදුලි සැපයුම අත්හිටුවනු ඇත.

පෙරවරු 8.30 සිට පෙරවරු 11.30 දක්වා පෙරවරු 11.30 සිට පස්වරු 2.30 දක්වා හෝ පස්වරු 2.30 සිට පස්වරු 5.30 දක්වා දහවල් කාලයේ විදුලිසැපයුම අත්හිටුවීමට නියමිතය.

රාත්‍රී කාලයේදී සවස 6.30 සිට රාත්‍රී 7.30 දක්වා රාත්‍රී 7.30 සිට රාත්‍රී 8.30 දක්වා හෝ රාත්‍රී 8.30 සිට රාත්‍රී 9.30 දක්වා විදුලි සැපයුම අත්හිටුවීමට නියමිත බව පැවසෙයි.

මෙම link එක click ඔබගේ ප්‍රදේශයට විදුලිය විසංධි වන වෙලාව දැනගත හැකිය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස