ඔබතුමා පහුගිය ආණ්ඩුව රැක්කේ සිංහයෙක් වගේ! එජාපය බේරගත හැකි එකම නායකයා ඔබයි! – අස්ගිරිය හිටපු කතානායක කරූට කියයි..

September 2, 2020 at 7:41 am | by emanisa.lk

එක්සත් ජතික පක්ෂය බේරාගත හැකි එකම නායකයා කරු ජයසූරිය පමණක් බව අස්ගිරි පාර්ශ්වයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික සුදුහුම්පල රජ මහා විහාරාධිපති මකුරුප්පේ රතනපාල රතනජෝති නා හිමියෝ පවසති.

උන් වහන්සේ මෙම අදහස් පළ ළේ හිටපු කථානායක කරු ජයසූරිය මල් වතු අස්ගිරි හා රාමඥ්ඥ නිකායන්හි මහානායක හිමිපාණන් වහන්සේලා බැහැ දැකීම සඳහා මහනුවර බලා ගිය අවස්ථාවේ දීය.

කරු ජයසුරියට ආශිර්වාද කරමින් ශ්‍රී රතනපාල රතනජෝති නා හිමියෝ මෙසේද පැවසූහ.

“පසුගිය කාළයේ ඔබතුමන් සිංහයෙක් වගේ ඉදිරිපත් වෙලානෙ ආණ්ඩුව බේරා ගත්තෙ, නැත්තම් එදා ඕක යනවනෙ ගැස්සිලා. ඔබතුමාට මතක ඇති මුලින්ම මම කිව්වෙ රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ඔබතුමා අනුශාසක වශයෙන් ඉන්න කරු ජයසූරිය මැතිතුමාට නායකකම දෙන්න කියලා.

මොකද අපි කැමති නෑ පක්ෂයක් වැළලිලා යනවට දැන් මොකද ඒකෙන් උනේ බලන්නකො පක්ෂයක් නෑ.. අලියෙක් නෑ..

ඇත්තටම ඔබතුමාට දුන්නොත් ඇත්තටම ඔබතුමාට ගොඩගන්නත් පුළුවන් ලංකාවෙ වැඩි පිරිසක් ඔබතුමාව බලාපොරොත්තුවෙන් ඉන්නවා. මගෙත් එක්ක නම් මේ නුවර පළාතේකතා කරන කව්රුත් කියන්නෙ ඇයි හාමුදුරුවනේ කරු ජයසූරිය මහත්තයට දෙන්නෑ කියන්නෙ, දෙන්න කියන්නකො ඇරං භාරගෙන කරන්න කියන්නකො, යන හැම තැනකම ඕකනේ කියන්නෙ.

ඒ නිසා මේක අනිවාර්යයෙන් විය යුතුම දෙයක්. ඔබතුමා පස්සට යන්න එපා. එච්චරයි කියන්නෙ. පහුගිය දවස්වල භික්ෂුන් වහන්සේලාගේ රැස්වීමක් අපි තිබ්බනේ ඔක්කොම එක හඬින් කිව්වෙ ඔබතුමාට දෙන්න කියලනෙ පක්ෂයේ හොඳ ජ්‍යෙෂ්ඨයෝ අල්ලාගෙන සාකච්ඡා කරලා කොහොම හරි මේ පක්ෂෙ බේරාගන්න අපි සටන් කළ යුතු වෙනවා.”

– media unit

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස