ඔබතුමා ජනාධිපතිවරණයට එනවා නම් මම එන්නේ නෑ! සජිත් ගෝඨාට කියයි…

July 17, 2019 at 12:29 am | by emanisa.lk

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඉදිරිපත් වන්නේ නම්, එකසත් ජාතික පක්ෂය නියෝජනය කරමින් ජනාධිපති අපේක්ෂකයා ලෙස තමා ඉදිරිපත් නොවන බව සජිත් පේමදාස විසින් ගෝඨාභය රාජපක්ෂ වෙත දැනුම් දී ඇතැයි එජාප හිතැති වෙබ් අඩවියක් වාර්තා කර තිබේ.

හිටපු ආරක්ෂා ලේකම් ගෝඨාභය රාජපක්ෂ වෙත සජිත් ප්‍රේමදාස මහතා මේ බව දැනුම් දී තිබෙන්නේ ප්‍රබල දේශපාලන, ආර්ථික, සමාජ සහ සංස්කෘතික න්‍යායචාරවරයෙක් මාර්ගයෙනි.

ගෝඨාභය රාජපක්ෂ සහ සජිත් ප්‍රේමදාස යන මහත්වරුන්ගේ අතිශය පෞද්ගලික හිතවතකු වන මොහු කලක් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව යටතේ ප්‍රබල ඇමතිධුර දරමින් ක්‍රියාකාරී දේශපාලනයේ යෙදී සිටි අතර මේ වන විට ක්‍රියාකාරී පක්ෂ දේශපාලනයෙන් ඈත් වී සිටින්නෙකි.

සජිත් ප්‍රේමදාස මේ පුද්ගලයා මාර්ගයෙන් මේ කාරණය දැනුම් දී තිබෙන්නේ ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන බව තහවුරු කර ගැනීමෙන් පසුවය. මෙයට හේතු වී ඇත්තේ ගෝඨාභය කෙරෙහි සජිත් තුළ පවතින ගෞරවය බව ද පැවසෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස