ඔප්පු නොකළ චෝදනා මත ශ්‍රී ලංකාව එල්ලීම – ලෝර්ඩ් නේස්බි, ශ‍්‍රී ලංකාව පිළිබඳ බ්‍රිතාන්‍ය සර්වපාක්ෂික පාර්ලිමේන්තු කණ්ඩායමේ සභාපති

April 13, 2019 at 7:31 am | by admin

ජිනීවාහි මෑතදී නිමාවට පත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 40වැනි සැසිවාරය පිළිබඳ සිය අදහස් දැක්වීමයි.

මෙම වසරේ පැවති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල සැසි වාරයේ (UNHCR) සියලූ අවස්ථා මම ඉතා මැනවින් නිරීක්ෂණයට ලක් කළෙමි. ඒ පිළිබඳ මාගේ වෙනත් අදහස් දැක්වීම් සිදු කිරීමට ප‍්‍රථම, ලංකා රජයේ නිවේදනය සම්බන්ධව, සැසියට සහභාගී වූ ශ‍්‍රී ලාංකීය නියෝජිත පිරිසේ නායකත්වය දැරූ ශ‍්‍රී ලංකා විදේශ අමාත්‍ය තිලක් මාරපන මහතාට මාගේ සුභාශිංසන පිරිනැමීමට කැමැත්තෙමි. එම සම්පූර්ණ නිවේදනයේ සියලු පිටු මා විසින් ඉතා සුපරික්ෂාකාරීව පිරිශිලනය කරන ලදි. එම නිවේදනය ඉතා සමබර, විශ්වසනීය, ස්ථාවර, අභියෝගාත්මක සහ ප‍්‍රතික්ෂේප කළ නොහැකි තොරතුරු සහ සංඛ්‍යාවන්ගෙන් සමන්විත වූ මුළුමනින්ම වෘත්තීමය වූ ද ප‍්‍රකාශනයකි.

මෙම ප‍්‍රකාශනයේ වැදගත් ඇමුණුම් තුනෙන් එකක් බවට 2017 ඔක්තෝබර් මස 12 වැනි දින බ්‍රිතාන්‍ය සාමි මණ්ඩලයේදී (The House of Lords) මා විසින් ආරම්භ කොට මූලිකත්වය ගන්නා ලදි. බ්‍රිතාන්‍ය සාමි මණ්ඩල විවාදය අන්තර්ගත කර ගැනීමට විදේශ අමාත්‍ය තුමන් විසින් ගන්නා ලද තීරණය සම්බන්ධයෙන් මම විශේෂයෙන් සතුටට පත්වෙමි. යුද්ධය සියැසින් දුටු කොළඹ එක්සත් රාජධානි තානාපති කාර්යාලයේ ආරක්ෂක උප තානාපති ලෙස කටයුතු කළ ලෙෆ්ටිනන් කර්නල් ගාෂ් (Lt Colonel Gash”the UKzs Military attaché in Colombo) මහතාගේ වාර්තා හෙලිදරව් කොට පෙන්වීමට තොරතුරු දැනගැනීමේ නිදහස යටතේ වසර දෙකකට වැඩි කාලයක් පුරාවට මා විසින් දැඩි ප‍්‍රයත්නයක් ගෙන සිදු කළ විමර්ශනය සම්පූර්ණ නිවැරදි ක‍්‍රියාවක් බව මට දැන් හැඟී යයි. දමිළ සිවිල් වැසියන් ඝාතනය කිරීමේ ප‍්‍රතිපත්තියක් කිසි කලෙකත් නොතිබූ බවත් සිවිල් මරණ සංඛ්‍යාව උපරිම වශයෙන් 5500ක පමණ ප‍්‍රමාණයක් බවත් කිසිදු සැකයකින් තොරව ඔප්පු කොට පෙන්වන්නේ මෙම වාර්තා තුළිනි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය මගින් ඡන්ද විමසීමකින් තොරව සම්මත කරගන්නා ලද 40/ඛ .1 ශ‍්‍රී ලංකාව සම්බන්ධ යෝජනා එකඟත්ව වාර්තාවේ (the UN Report 40$L’1″ the consensus Resolution on Sri Lanka) සඳහන් පහත කරුණු ඉස්මතු කොට පෙන්වීමට මම කැමැත්තෙමි.

1. පිටු අංක 2, උපුටා ගැනීම, සමහර පෞද්ගලික ඉඩම් නැවත ලබා දීම ප‍්‍රශංසාත්මකව අවධානයට ලක්කිරීම. විදේශ අමාත්‍යවරයා සිය වාර්තාවේදී සඳහන් කර සිටියේ ඉඩම් නැවත ලබා දීම ප‍්‍රතිශතයක් ලෙස 92.16% වන අතර එය සමහර යන්නට වඩා සත්‍ය වශයෙන්ම බහුතර ඉඩම් ප‍්‍රමාණයක් බවයි.

2. එම වාර්තාවේම 03 වැනි පිටුවේ සත්‍ය සහ සංහිඳියා කොමිසම පිළිබද සඳහනක් කොට ඇත. සත්‍ය සහ සංහිඳියා යාන්ත‍්‍රණය ක‍්‍රියාත්මක වීමට නම් ඇඩලි බාලසිංහම් මහත්මිය සහ එක්සත් රාජධානිය, කැනඩාව, එක්සත් ජනපදය හෝ වෙනත් ස්ථානයක ජීවත් වන අනෙකුත් CHIG LTTE සංවිධානයේ නිලධාරීන්ගේ සම්පූර්ණ සහයෝගය ලබා ගැනීම සඳහා සිය පාර්ශ්වයෙන් යෝජනා ගෙන ඒමට ස්ථිර වශයෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානයට සිදුවනු ඇත.

අවසාන වශයෙන්, ශ‍්‍රී ලංකා විදේශ අමාත්‍යතුමන්ගේ ප‍්‍රකාශනයෙහි පහත සඳහන් කරුණ පිළිබදව සිදු කොට ඇති සඳහන පෙන්වා දීමට කැමැත්තෙමි. ශ‍්‍රී ලංකා රජය සම්බන්ධයෙන් අනුගමනය කරන සාධන සම්මතය හා ශ‍්‍රී ලංකාවට එරෙහිව විරුද්ධවාදීන් විසින් සිදු කොට ඇති ඔප්පු නොකළ චෝදනා සම්බන්ධව අනුගමනය කරන සාධන සම්මතය අතර දැකිය හැකි ඉතා සැලකිය යුතු මට්ටමේ අසමතුලිතාව පිළිබඳව ඔහු සඳහන් කරයි. විදේශ අමාත්‍යතුමන් විසින් මෙම කරුණ හුවා දැක්වීම ඉතාමත් නිවැරදිය. සත්‍ය වශයෙන්ම, වාර්තාවල සඳහන් වන සිවිල් ඝාතන 40,000 ප‍්‍රකාශනය ප‍්‍රතික්ෂේප කොට සලකන ලද ඉහළම අවස්ථාව මෙයයි.

එක්සත් රාජධානි පාර්ලිමේන්තුවේ,
ශ‍්‍රී ලංකාව පිළිබඳ බ්‍රිතාන්‍ය සර්වපාක්ෂික
පාර්ලිමේන්තු කණ්ඩායමේ සභාපති

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස