ඔක්සිජන් මත යැපෙන රෝගීන් 1033 දක්වා ඉහළට…! මිය ගිය පිරිසෙන් 3%ක් එන්නත් දෙකම අරන්…!

August 31, 2021 at 9:20 am | by emanisa.lk

ඔක්සිජන් මත යැපෙන කොවිඩ් ආසාදිතයන් 1033ක් මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ගන්නා බව ප්‍රධාන කොවිඩ් සම්බන්ධීකරණ නිලධාරී, වෛද්‍ය අන්වර් හම්දානි පවසයි.

ඔහු සඳහන් කළේ මේ වන විට සත්කාර ඒකකවල කොවිඩ් ආසාදිතයන් 187 දෙනෙකු ප්‍රතිකාර ලබන බවය. මේ වන විට රෝහල්වල ඔක්සිජන් හිඟයක් නොමැති බව ද වෛද්‍ය අන්වර් හම්දානි ප්‍රකාශ කළේය.

එසේම මේ වන විට සිදුව ඇති මරණ සංඛ්‍යාවෙන් කොවිඩ් මර්දන එන්නත මාත්‍රා දෙකම ලබා ගත් 3%ක පිරිසක් මිය ගොස් ඇති අතර එක් මාත්‍රාවක් ලබා ගෙන මිය ගිය සංඛ්‍යාව13%කි.

එන්නත් මාත්‍රා දෙක ම ලබා නොගත් පුද්ගලයන් 84%ක ප්‍රමාණයක් කොවිඩ් ආසාදිතව මියගොස් ඇති බව වෛද්‍ය අන්වර් හම්දානි වැඩිදුරටත් සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස