ඒකීය රාජ්‍ය තහවුරු කරන නව ව්‍යවස්ථා යෝජනාවලිය ජනපති අතට! සභ්‍යත්ව රාජ්‍යයට මග යුතුකම කෙටුම්පත් කරයි!

February 14, 2020 at 5:44 pm | by emanisa.lk

නව ව්‍යවස්ථාවක් සැකසීමේ දී සැලකිල්ලට ගත යුතු කරුණු ඇතුළත් යෝජනාවලියක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත පිළිගැන්වෙයි.

අද (13) පස්වරුවේ කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී “ශක්ති සම්පන්න රාජ්‍යයක් – අපේම ව්‍යවස්ථාවක් සඳහා යෝජනා” මැයෙන් යුතුකම සංවිධානය සම්පාදනය කළ යෝජනාවලිය ජනාධිපතිතුමා වෙත පිළිගන්වනු ලැබීය.

අපට උරුම සභ්‍යත්ව රාජ්‍යය යළි ගොඩනැගීම, සැබෑ මහජන නියෝජනය හා ජනතා පරමාධිපත්‍ය, ඒකීය ශ්‍රී ලංකාවක් තහවුරු කිරීම, විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණය අතර බල තුලනය සහ යුතුකම මුල්කරගත් සමාජයක් යන අරමුණු 05 ක් සහිතව යෝජනාවලිය සම්පාදනය කර තිබේ.

යුතුකම සංවිධානයේ සභාපති ගෙවිදු කුමාරතුංග මහතා ජනාධිපතිතුමා වෙත එය පිළිගැන්වීය.

ආචාර්ය ගුණදාස අමරසේකර සහ ජනාධිපති නීතිඥ මනෝහාර ද සිල්වා මහත්වරුන් වෙත ජාතිය වෙනුවෙන් ඉටු කළ මෙහෙවර අගයමින් උපහාර තිළිණ පිළිගැන්වීම ද ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණ.

සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරි පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමිපාණන් වහන්සේ විශේෂ අනුශාසනාවක් කළහ.

නාරාහේන්පිට අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි, පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි ප්‍රමුඛ මහා සංඝරත්නය ද, බන්දුල ගුණවර්ධන, ගාමිණි ලොකුගේ, දයාසිරි ජයසේකර යන අමාත්‍යවරුන් , පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හා මහජන නියෝජිතයෝ ද, මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා සහ විද්වතුන්, කලාකරුවන්, ලේඛකයන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

ජනාධිපති මාධ්‍ය ඒකකය

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස