ඒකීය රට බෙදන්න ඉඩ දිය යුතු නෑ! බාහිර අයට රටේ ප්‍රශ්නවලට ඇඟිලි ගහන්න දෙන්න එපා! – යාපනේ රාජ කුමාරයෙක් ඒකීය රාජ්‍යය රකින්න ජිනීවා යයි… (video)

March 21, 2019 at 2:23 pm | by admin

මෙවර ජිනීවා නුවර මානව හිමිකම් සැසියට යාපනේ රජ කළ ආරිය චක්‍රවර්ති පරපුරේ සංගිලි රාජ පෙළපතින් පැවත එන රාජා රිමේජියස් කනකරාජා සහභාගී විය. ඔහු එම පරපුරේ 28 වෙනි කුමාරයා බව පැවසෙයි. 1991 වසරේ සිට නෙදර්ලන්තයේ වාසය කරන ඔහුට සිංහල භාෂාව මැනවින් ව්‍යවහාර කළ හැකිය.

ඕනෑම අයකුට ඕනෑම චෝදනායක් ගෙන ආ හැකි බවත් රටේ ප්‍රශ්න රට තුළ විසඳාගත යුතු බවත් ඔහු පෙන්වා දෙයි. ගෙදර ප්‍රශ්න රැගෙන අල්ලපු ගෙදරට නොයන්නා සේම රටේ ප්‍රශ්න රැගෙන ජාත්‍යන්තරයට නොයා යුතු බවත් ඔහුගේ අදහසය. අප ස්වාධීන ජාතියක් බවත් රට පාලනය කිරීමට ජනාධිපතිවරයකු සිටින බවත් පවසන හෙතෙම බාහිර පාර්ශව වෙත එහි කටයුතුවලට ඇඟිලි ගැසීමට ඉඩ නොදිය යුතු බව කියයි.

ලාංකික පුරවැසියන් සියලු දෙනා සිංහල දෙමළ මුස්ලිම් භේදයකින් තොරව සියලු දෙනාට ගෞරව කරමින් සමගියෙන් ජීවත් විය යුතු බව පවසන කනකරාජා රට බෙදීමේ කිසිදු උවමනාවක් නොමැති බවත් සියලු දෙනා ඒකීය රාජ්‍යය තුළ ජීවත් විය යුතු බවත් පවසයි.

තමන් විදෙස් රටක සිටිය ද හදවතින් සිය මව්බිම වන ලංකාවේ ජීවත් වන බව ද සිය රටේ ජනතාව වෙනුවෙන් වැඩ කරන බව ද පැවසූ කනකරාජා රටට ආදරය කරන සියලු දෙනා සිංහල දෙමළ ඉංග්‍රීසි යන භාෂා තුනම උගත යුතු බව අවධාරණය කරයි.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස