ඒකල පල්ලියේ මුරකරු ආයුධ තොගයක් සමග අල්ලයි! තණකොළ කපන්න තුවක්කු පතුරම් ගුවන් යානා උණ්ඩත් ගෙනැල්ලා!

May 1, 2019 at 1:08 pm | by admin

පොලිස් විශේෂ කාර්යංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් අනුව පොලීසිය හා ගුවන් හමුදා නිලධාරීන් එක්ව කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී අවිආයුධ තොගයක් හා සැකකරුවකු අත්අඩංගුවට ගෙන ඇත.

ඊයේ (30) දා සවස ජා-ඇල කණුවන ප්‍රෙස්වත්ත ප්‍රදේශයේ ඔහුගේ නිවස පරීක්ෂා කිරීමේදී මෙම ආයුධ තොගය හමු වී තිබේ.

මෙම ආයූධ අතර බලපත්‍ර රහිත බෝර 12 තුවක්කුවක් හා එයට යොදන පතුරම් 72ක්, වායු රයිෆල්යක් හා එයට යොදන උණ්ඩ 300ක්, තහනම් පිහි 03ක්, ගුවන් යානා නාශක හිස් උණ්ඩ 4ක්, එම්.පි.ඒ.ජී.උණ්ඩ19ක්, පොයින්ට් 22 වර්ගයේ උණ්ඩ 07ක් තිබී ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු ඒකල මැතිව් පාරේ ජමාතුල් ජමාත් මුස්ලිම් පල්ලියේ භාරකරු වු තුවාන් මොහොමඩ් අසාරි (69) නැමති අයෙකි.

විදුලි මෝටර් කාර්මිකයකු හා යන්ත්‍ර උපකරණ අලුත්වැඩියාව කරන්නකු ලෙසද මොහු කටයුතු කර ඇති බව ද ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සේවය කර ඉන් ඉවත් වු අයකු බව ද අනාවරණය වී ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස