ඊළඟ මහ ඡන්දෙන් එජාපෙ හාන්සියි! උපරිම ආසන 15යි! විපක්ෂ නායක ධුරයත් අහිමියි!

November 24, 2019 at 2:19 pm | by emanisa.lk

ජනාධිපතිවරණයේ ප්‍රතිඵල ආසන මට්ටමින් ගත් කල එක්සත් ජාතික පක්ෂයට ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී මන්ත්‍රී ආසන පහළොවක් (15) පමණක් ලැබිය හැකි බව දේශපාලන විශ්ලේෂකයෝ පවසති.

ජනාධිපතිවරණයේදී මැතිවරණ ආසන 18ක ජය ලබාගැනීමට එක්සත් ජාතික පක්ෂය ප්‍රධානත්වයෙන් ඉදිරිපත් කළ නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ අපේක්ෂක සජිත් ප්‍රේමදාස සමත් විය.

කොළඹ දිස්ත්‍රික්කයේ උතුරු කොළඹ, මැද කොළඹ, නැගෙනහිර කොළඹ, බටහිර කොළඹ. බොරැල්ල හා දෙහිවල ආසනද, ගම්පහ දිස්ත්‍රික්කයේ වත්තල හා මීගමුවද, මහනුවර දිස්ත්‍රික්කයේ පාතදුම්බර, උඩුදුම්බර, ගම්පොළ හා නාවලපිටියද, නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් කොත්මලේ හා වලපනේද, බදුල්ල දිස්ත්‍රික්කයේ පස්සර, හාලිඇළ, හපුතලේ සහ ගාල්ල, මාවනැල්ල යන ආසන 18ද ජයග්‍රහණය කළේය.

කෙසේ වුවද ගාල්ල හා උඩුදුම්බර ආසන ඔවුන් ජයගත්තේ ඡන්ද එකසිය ගණනකින් වන අතර වලපනේ ආසනය ජය ගත්තේ ඡන්ද එක්දහස් තුන්සියයකින් පමණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස