එයාර්බස් සමාගමෙන් ගුවන් යානා ගැනීම වහාම නතර කළ යුතුයි! මගේ ආණ්ඩුව කාලේ මේ හොරකම හෙළි වුණා නම් නඩු කියලා වන්දියක් ගන්නවා! – රනිල්

February 10, 2020 at 1:56 pm | by emanisa.lk

එයාර් බස් සමාගමෙන් සිදු කෙරුණු වංචාව සැලකිල්ලට ගෙන එම සමාගමෙන් ශ්‍රී ලංකාවට ගුවන් යානා මිලදී ගැනීම සහ බදු පදනම මත ගැනීම වහා තහනම් කළ යුතුව ඇතැයි එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පවසයි.

මෙම සිද්ධිය නිසා ශ්‍රී ලංකන් සමාගමටද විශාල අලාභයක් විඳින්නට සිදුවූ බවත් එම අලාභයට වන්දි ගෙවන්නට සිදු වී ඇත්තේ ශ්‍රී ලාංකික ජනතාවට බවත් එයාර් බස් සමාගමට විරුද්ධව නඩු පවරා වන්දියක් ලබා ගැනීම සඳහා විශේෂ දැනුමක් ඇති විදේශ නීතිඥ සමාගම් සමග සාකච්ඡා කොට පියවර ගතයුතු බවත් රනිල් වික්‍රමසිංහ කීය.

අදාළ සමාගමෙන් ගුවන් යානා මිලදී ගැනීම තහනම් කිරීම සඳහා පාර්ලිමේන්තුවට යෝජනාවක් සම්මත කර ගැනීමට හැකියාව තිබෙන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

තම රජය පැවැති සමයේ මෙවැනි සිද්ධියක් හෙළිදරව් වූයේ නම් අදාළ සමාගමෙන් ගුවන් යානා මිලදී ගැනීම මෙන්ම බදු පදනම මත ගැනීමද වහාම තහනම් කරන බවද ඔහු කීය.

රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ පැවැසුවේ පෙරේදා (08) මරදානේදී පැවැති පොත් බෙදාදීමේ උත්සවයකට සහභාගි වෙමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස