එන්නත පරදන භයානක කොවිඩ් ප්‍රභේදයක් පැතිරෙයි…! දැනට පැතිරෙන සියලු කොවිඩ් ප්‍රභේදවලට වඩා දරුණුයි…!

August 30, 2021 at 4:31 pm | by emanisa.lk

මේ වන විට දකුණු අප්‍රිකාවෙන් අලුත් කොවිඩ් ප්‍රභේදයක් වාර්තා වී තිබේ. එරට බෝවන රෝග පිළිබඳව විමර්ශන ජාතික පර්යේෂණායතනය පවසන්නේ මෙම වෛරස ප්‍රභේදය දැනට භාවිත කරන කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත්වලින් ලබාදෙන ප්‍රතිදේහ ශක්තිය ද අභිබවා යා හැකි බවයි.

C.1.2 ලෙස නම්කර ඇති මෙම වෛරස ප්‍රභේදය N440K සහ Y449H යන විකෘතිතා පෙන්නුම් කරන බවත්, මේ නිසා එන්නත් මගින් ශරීරයේ නිපදවන ප්‍රතිදේහ ශක්තිය අභිබවා යෑමේ හැකියාව මෙම වෛරස ප්‍රභේදය සතුවිය හැකි බවත් දකුණු අප්‍රිකානු විශේෂඥයන් පෙන්වා දෙති.

පසුගිය මැයි මාසයේදී ‍පළමුවරට හඳුනා ගත් මෙම ප්‍රභේදය මේ වන විට එංගලන්තය, චීනය, කොංගෝ, මොරිෂස්, නවසීලන්තය, පෘතුගාලය, ස්විට්සර්ලන්තය වන රටවලින් ද වාර්තා වී තිබේ.

මෙතෙක් හඳුනා ගත් ඇල්ෆා, බීටා, ගැමා වෛරස ප්‍රභේදවලට වඩා මෙම ප්‍රභේද වැඩි වේගයකින් පැතිර යන බව ද විද්‍යාඥයෝ පවසති.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *