එන්නත ගෙන නැත්නම් බස් ගාස්තුව දෙගුණයක් වෙයි….! බසයට නැංවීමත් කාඩ්පත පරික්ෂාවෙන් පසු…!

July 31, 2021 at 5:25 pm | by emanisa.lk

කොවිඩ් මර්දන එක් එන්නතක් හෝ ලබානොගත් පුද්ගලයින් බස් රථවලට ඇතුළුවීමේ දී ඔවුන්ගෙන් සාමාන්‍ය බස් ගාස්තුව මෙන් දෙගුණයක් අයකර ගැනීමට සිදුවන බව ලංකා පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසයි.

“ඩෙල්ටා වෛරසය හිස ඔසවමින් තිබෙනවා. ඒ නිසා අපේ වගකීමක් තියෙනවා සංගමයක් විදියට මේ සඳහා යෝජනාවක් ඉදිරිපත් කරන්න. මේ ගැන අද දිනයේ ප්‍රවාහන අමාත්‍යවරයාට හා ජනාධිපතිවරයාට ලිඛිතව දැනුම් දීමක් කරනවා. දුර සේවා බස්රථවල යෑමේ දී එක් එන්නත් මාත්‍රාවක් හෝ ලබාගත් වයස අවුරුදු 30ට වැඩි සියලුම මගීන් එන්නත් ලබාගත් කාඩ් පතෙහි ඡායාරූපයක් අනිවාර්යෙන්ම රැගෙන ආ යුතුයි. ඡායාපිටපතක් අරගෙන තමයි බස්රථයට ගොඩවීමට අපි ඉඩදෙන්නේ.

එහෙම නැතු වුණොත් ද්විත්ව ආසනයකට එක් අයෙකුට යන්න වෙන්නේ. එතකොට ගාස්තුව දෙගුණයක් ගෙවන්න වෙනවා. ඒ වගේ ම සුඛෝපභෝගී බස්රථ ආසනයට එක්කෙනා බැගින් ගෙනියනවා. ඒ බස්රථවලත් ඡායාපිටපත අනිවාර්යයි. අපි සැලසුම් කරනවා ආසනයෙන් එක් අයෙක් යනවා නම් ගාස්තුවෙන් එකහමාරක ප්‍රමාණයක් අය කරන්න.”

හෙට (01) සිට අන්තර් පළාත් බස්රථ ධාවනය ආරම්භ කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *