එන්නත ගන්න බෑ කියන මැති ඇමැතිලා අටලුගම චණ්ඩි වගේ…! වහාම නීතිය ක්‍රියාත්මක කරනු!

March 9, 2021 at 5:57 am | by emanisa.lk

අටළුගම⁣ චචණ්ඩි මෙන් ඇතැම් මැති ඇමැතිවරුන් එන්නත ලබා නොගන්නා බවට පුරසාරම් දොඩවමින් ඇතැයි පිවිතුරු හෙල උරුමයේ නායක ඇමති උදය ගම්මන්පිල උත්සව සභාවක් අමතමින් ප්‍රකාශ කළේ ය.

“සමහර මන්ත්‍රීවරුන් අපි දැක්කා චන්ඩි කතා කියනවා මාධ්‍ය ඉදිරියට ඇවිල්ලා අපි නම් ගහ ගන්නේ නැහැ කියලා.

අටලුගම පැත්තෙත් ඔය වගේ ම කට්ටියක් හිටියා. නිරෝධායනය නීති යටතේ පරීක්ෂාවට ලක් වෙන්න කිව්වහම මට බෑ කියපු කට්ටිය, නිධාරීන්ට කෙල ගහපු කට්ටිය අටලුගම හිටියා.

මේ මන්ත්‍රිවරුත් ඒ විදිහටයි හැසිරෙන්නට හදන්නේ. ඒ පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරපු විදිහටම මේ චන්ඩි කතා කියලා මාධ්‍ය ඉදිරියේ ලකුණු දාගන්න උත්සාහ කරන ඒ මන්ත්‍රීවරුන්ටත් නිරෝධායන නීතිය යටතේ දඬුවම් කළ යුතු යැයි මා නම් විශ්වාස කරනවා.

කවුරු හරි ගිහිල්ලා බලහත්කාරයෙන් එන්නත් ලබාගෙන තියෙනවා නම් තමන්ගේ පවුලේ අයට හිතමිත්‍ර අයට එන්නත් ලබා දීලා තියෙනවා නම් ඒ අයට එරෙහිවත් වහාම නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. නිලධාරීන්ගේ කටයුතුවලට මැදිහත් වෙනවා නම් ඒ අයට එරෙහිවත් වහාම නීතිය ක්‍රියාත්මක කළ යුතුයි.

ඒ වගේ ම සෞඛ්‍ය බලධාරීන් තීරණය කරනවා නම් රටේ ජනතාවගේ යහපත වෙනුවෙන් ඔබ එන්නත විද ගත යුතුයි කියලා මට විදින්නට එපා කියලා චන්ඩි කතා කියමින් එන්නතට බයේ පසුබසින කවුරුහරි ඉන්නවනම් ඒ අයට ද රටේ නීතිය ක්‍රියාත්මක කළ යුතුයි.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස