එන්නත අරගෙනත් මිය ගිය කොවිඩ් ආසාදිතයින් 23 දෙනා ම නිදන්ගත රෝගීන්….!

August 11, 2021 at 10:34 am | by emanisa.lk

මෙරට කොවිඩ් වසංගතයෙන් මිය ගිය පිරිස අතර එන්නත ගත් විසිතුන් දෙනකු සිටින බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂ වෛද්‍ය අසේල ගුණවර්ධන තහවුරු කරයි.

එක එන්නතක් හෝ ලබාගත් පිරිස ලක්ෂ විසි හතකි. එම අයගෙන් මියගිය විසි තුන් දෙනා එන්නත්කරණයට ලක්ව සිටියත් වෛරසය ආසාදනය වී නිදන්ගත රෝග උත්සන්න වී එම පිරිස මරණයට පත් වී ඇතැයි පරීක්ෂණවලදී හෙළිවී තිබේ.

මේ වන විට කොවිඩ් වෛරසය ආසාදිතව මෙරට මිය ගොස් ඇති සමස්ත මරණ සංඛ්‍යාව පන්දහස් තුන්සිය හතළිහක් දක්වා ඊයේ (10) වන විට ඉහළ ගොස් තිබිණි.

මේ වන විට දිනකට මිය යන පිරිස සියය ඉක්මවා වාර්තා වෙමින් තිබෙන අතර මේ මොහොතේ ඉන් බේරීමට ඇති එකම මග නිසි සෞඛ්‍ය ආරක්ෂණ උපදේශන අකුරටම පිළිපැදීම යැයිද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය.

දෙරණ 360 වැඩසටහනට එකතු වෙමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂ වෛද්‍ය අසේල ගුණවර්ධන මේ බව ප්‍රකාශ කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *