එන්නත් දෙක ම ලබාගෙන නැත්නම් කොළඹ ජංගම වෙළඳාම් බෑ…! – කොළඹ දිස්ත්‍රික් ලේකම්…

August 25, 2021 at 7:39 pm | by emanisa.lk

නිරෝධායන ඇඳිරි නීතිය කාලය තුළ කොළඹ දිස්ත්‍රික්කයේ ජංගම වෙළෙඳාම කළ හැක්කේ කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා දෙක ම ලබා ගෙන ඇති වෙළෙඳුන්ට පමණක් බව කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න පවසයි.

එන්නත් මාත්‍රා දෙක ම නොගත් පුද්ගලයන් ජංගම වෙළෙඳාමේ නිරත වුවහොත් නිරෝධායන නීති යටතේ පියවර ගන්නා බවත් ඔහු අවධාරණය කළේය.

නිරෝධායන සමයේ ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බාධාවකින් තොරව සැපයීම සඳහා මීගොඩ, නාරාහේන්පිට, රත්මලාන සහ බෝකුන්දර යන ආර්ථික මධ්‍යස්ථාන විවෘතව තිබෙන බවත් ප්‍රදීප් යසරත්න සඳහන් කළේය.

කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශීය ලේකම් කොට්ඨාස 13 ආවරණය වන පරිදි ජංගම වෙළෙඳුන් 12, 294 ක් ද තොග වෙළෙඳසල් 1,489 ක් ද ලියාපදිංචි කර බෙදාහැරීම් මාර්ග 2345ක් හඳුනාගෙන ඇති බවත් ඔහු වැඩි දුරටත් කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස