එන්නත්කරණ වැඩපිළිවෙළ වේගවත් කෙරේ…! මාස දෙකෙන් ජනගහනයෙන් 60%කට එන්නත්….!

May 13, 2021 at 8:34 am | by emanisa.lk

කොවිඩ් වසංගතය පාලනය කිරීම සඳහා රටේ ජනතාවගෙන් සියයට හැටකට පමණ ජුලි මාසය වන විට එන්නත ලබාදීමට සැලසුම්කර ඇති බව පෙරේදා (11) පැවැති ආණ්ඩු පක්ෂ රැස්වීමේදී සඳහන් වී ඇත.

ආණ්ඩු පක්ෂ නායකයන්ගේ රැස්වීම අගමැති මහින්ද රාජපක්ෂගේ ප‍්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.

මෙම පක්ෂ නායක හමුවේ දී රට මුහුණ දී තිබෙන කොවිඩ් වසංගත ව්‍යාප්තිය පාලනය කිරීමට රජය ගෙන තිබෙන ක්‍රියාමාර්ග හා ගතයුතු කඩිනම් ක්‍රියාමාර්ග කෙරෙහි විශේෂ අවධානය යොමු වී තිබේ.

එන්නත්කරණ වැඩපිළිවෙළ සාර්ථක අයුරින් ඉදිරියට ගෙන යෑමේ අවශ්‍යතාව අගමැතිවරයා මෙහි දී පෙන්වා දී ඇත.

මෙයට අමතරව කොවිඩ් ආසාදිත රෝගීන්ට ඇති විය හැකි දුෂ්කරතා මඟහැරීම, හුදකලා කෙරෙන ප‍්‍රදේශවල ජනතාවගේ අවශ්‍යතා ඉටුකිරීම පිළිබඳව ද සාකච්ඡා වී ඇත.

ඊයේ (12) වන විට මෙරට ජනගහනයෙන් 05%කට එන්නතෙහි පළමු මාත්‍රාව ලබා දී අවසන් බව මාධ්‍ය වාර්තා කර තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *