එන්නත්කරණය හමුවේ ඩෙල්ටා රැල්ල බැස යයි…! ඔක්සිජන් මත යැපෙන රෝගීන් වේගයෙන් පහළට…!

September 24, 2021 at 10:10 am | by emanisa.lk

කොවිඩ් ආසාදනය හේතුවෙන් ඔක්සිජන් මත යැපෙන රෝගීන්ගේ සංඛ්‍යාව ශීඝ්‍රයෙන් අඩු වී ඇත. ඖෂධ නිෂ්පාදන, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්, වෛද්‍ය සමන් රත්නායක මේ බව ඊයේ (23) ප්‍රකාශ කළේය.

මීට සති දෙක තුනකට පෙර ඔක්සිජන් මත යැපෙන කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව දිනකට 20,000ක් පමණ විය. මේ වන විට එම සංඛ්‍යාව දිනකට 4,00ක් පමණ වන බව ද වෛද්‍ය සමන් රත්නායක පැවසුවේය.

කොවිඩ් ආසාදිතයන්ට ප්‍රතිකාර සඳහා අවශ්‍ය ඔක්සිජන්වලට රුපියල් මිලියන 683ක මුදලක් ආණ්ඩුව පසුගිය මාසයේ වැයකළ අතර ඉන්දියාවෙන් ද ඔක්සිජන් ආනයනයට කටයුතු කළේ ය. මේ වන විට ඔක්සිජන් ආනයනය නතර කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *