එන්නත්කරණය පටු දේශපාලන වාසි සඳහා යොදා ගන්න එපා…! – GMOA

February 17, 2021 at 10:57 pm | by emanisa.lk

ඇතැම් දේශපාලනඥයන්ගේ ප්‍රකාශ හේතුවෙන් කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත සම්බන්ධයෙන් ජනතාව තුළ අනියත බියක් හටගෙන ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

මේ නිසා ඇතැම් පුද්ගලයන් කොරෝනා එන්නත ලබා ගැනීම ප්‍රතික්ෂේප කරන තත්ත්වයට පත්ව ඇති බව එම සංගමේ ලේකම්, වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු සඳහන් කරයි.

කොරෝනා වසංගතය සම්බන්ධයෙන් දැනට විශ්වාස කළ හැකි එකම විකල්පය එන්නත්කරණය බවත්, එම නිසා ඒ සම්බන්ධයෙන් බොරු මත සමාජගත කිරීම හෝ ජනතාව තුළ සැක සංකා මතු කිරීම කිසිසේත්ම සිදු නොකළ යුතු බවත්, එය වසංගතය මර්දනය කිරීමට විශාල බාධාවක් වියහැකි බවත් ලේකම්වරයා අවධාරණය කරයි.

‍මෙම තත්ත්වය හමුවේ කොරෝනා වසංගතය හෝ එන්නත්කරණය තම තමන්ගේ අරමුණු ඉටු කර ගැනීම වෙනුවෙන් දේශපාලනීකරණය කර නොගන්නා ලෙස පක්ෂ විපක්ෂ සියලු දේශපාලනඥයන්ගෙන් ඉල්ලා සිටින බව සෙනාල් ප්‍රනාන්දු ප්‍රකාශ කරයි.

එන්නත්කරණය සම්බන්ධයෙන් සාමාන්‍ය ජනතාව තුළ විශ්වාසය ඇති කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශයට ද දැඩි වගකීමක් තිබෙන බව ඔහු වැඩිදුරටත් පවසයි.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *