එන්ටප්‍රයිස් කඩිනම් කරන්න!

February 10, 2019 at 5:51 am | by admin

“එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහනට අදාළ යෝජනා කඩිනමින් භාරගෙන ඉදිරි මාස 2 ඇතුළත එම කටයුතු අවසන් කරන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එජාපයේ සියලු ආසන සංවිධායකවරුන්ට උපදෙස් දී තිබේ.

මේ වන විට අදාළ වැඩසටහන යටතේ යෝජනා කළ ව්‍යාපෘති සඳහා ඇතැම් පිරිස් ණය මුදල් ලබාගෙන ඇත.

එහෙත් දිස්ත්‍රික්ක කිහිපයකම බැංකු නිලධාරීන්ගේ අකාර්යක්ෂමතාව මත මේ ව්‍යාපෘති ඇනහිට ඇති බවද අගමැතිවරයාට වාර්තා වී තිබේ. එම ව්‍යාපෘති ප්‍රමාද කරන නිලධාරීන් ගැන තමන්ට වාර්තාවක් ලබාදෙන ලෙස අගමැතිවරයා පසුගියදා අරලියගහ මන්දිරයේ පැවැති විශේෂ හමුවේදී විෂය භාර ඇමැතිවරුන්ට මෙසේ උපදෙස් දී ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *