එනපොට හොඳ නෑ! අනුරට මුවාවෙලා සජිත්ට සපෝර්ට් කරලා මදි! අපි සජිත්ට බැහැලම වැඩකරනවා! – ජයම්පති වික්‍රමරත්න

October 13, 2019 at 3:19 pm | by emanisa.lk

ජාතික ජනතා බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායකට සහාය පළ කරන බව පසුගිය සැප්තැම්බර් 29 වනදා ප්‍රකාශයට පත් කළ එක්සත් ජාතික පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයම්පති වික්‍රමරත්න යළි එක්සත් ජාතික පෙරමුණ සමඟ එකතු වීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.

ඒ අනුව එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයම්පති වික්‍රමරත්න ජාතික සංවිධායක ධුරය දරන එක්සත් වාමාංශික පෙරමුණ ජනාධිපතිවරණයේදී එජාප ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසට සහාය පළකරනු ඇත.

ජනාධිපතිවරණයේදී අනුර දිසානායකට පළමු මනාපය ලබා දීමටත් ගෝඨාභය රාජපක්ෂට එරෙහි ශක්තිමත් අපේක්ෂකයාට දෙවන මනාපයත් ලබා දීමටත් සිය පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීන්දු කළ බව ජයම්පති වික්‍රමරත්න සඳහන් කළේය.

කෙසේ වෙතත් පසුගියදා එජාප ජ්‍යේෂ්ඨයින් පිරිසක් සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව එම පක්ෂය සිය තීරණය යළි වෙනස් කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස