එදිරිසිංහ පවුල පැය 72ක් ඇතුළත නැවතත් අත්අඩංගුවට….! මෙවර ETI වංචාවට ලු….!

January 8, 2021 at 6:29 pm | by emanisa.lk

එදිරිසිංහ ට්‍රස්ට් ඉන්වෙස්ට්මන්ට් (ETI)ආයතනයේ හිටපු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නැවත අත්අඩංගුවට ගෙන තිබේ.

මුදල් අවභාවිතය, වංචා කිරීම, මුදල් විශුද්ධිකරණය හා වෙනත් අපරාධ චෝදනා සම්බන්ධයෙන් නාලක එදිරිසිංහ, ජීවක එදිරිසිංහ, අංජලී එදිරිසිංහ සහ අසංක එදිරිසිංහ අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ තහවුරු කරයි.

ඔවුන් අත්අඩංගුවට ගන්නා ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (08) දහවල් නීතිපතිවරයා විසින් උපදෙස් ලබා දී තිබුණි.

මොවුන් මීට පෙර ස්වර්ණමහල් ආයතනයේ සිදුකළ මුල්‍ය වංචා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බවත් අද දිනයේ දී ETI ආයතනයේ සිදුකළ මුදල් වංචා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක වරයා පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් ඉදිරියේ දී අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *