එදා රනිල් විකුණද්දි විරුද්ධ වුණාට අද විරුද්ධ වෙන්න බෑ…! – ඩී.බී. හේරත්…

May 25, 2022 at 6:41 pm | by emanisa.lk

යහපාලන ආණ්ඩුව සමයේ රනිල් වික්‍රමසිංහ රාජ්‍ය දේපළ විකුණන විට එරෙහි වුව ද දැන් එසේ කළ නොහැකි බව හිටපු අමාත්‍ය ඩී.බී. හේරත් පවසයි.

පවතින යථාර්ථය හමුවේ පාඩු ලබමින් එයාර් ලංකා වැනි ආයතන පවත්වා ගෙන යා නොහැකි බවයි, ඔහු පෙන්වා දෙන්නේ.

මෙම අවස්ථාවේ රනිල් වික්‍රමසිංහ අගමැති ධූරය භාර ගැනීම අගය කරන බවත් සජිත් ප්‍රේමදාස ද මේ අවස්ථාවේ රට ගොඩනැඟීමට එකතු විය යුතු බවත් ඩී.බී. හේරත් වැඩි දුරටත් පවසයි.

අද (25) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කාර්යාලයේ දී පැවැති මාධ්‍ය හමුවක් අමතමින් හෙතෙම මේ බව ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *