එදා මං අත්අඩංගුවට ගැනීම සාධාරණීකරණය කළ රාජිතටත් අද හිරේ ලගින්න වෙලා! – සරත් ෆොන්සේකා

December 28, 2019 at 10:28 pm | by emanisa.lk

2010 තමන් අත්අඩංගුවට ගත් අවස්ථාවේ එය සාධාරණීකරණය කළ රාජිත සේනාරත්නට අද එම අත්දැකීම් විඳින්නට අවස්ථාව ලැබී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා පවසයි.

එය දිට්ඨ ධම්ම වේදනීය කර්මයදැයි මාධ්‍යවේදියෙකු විමසූ කල ඔහු කියා සිටියේ “එය කැමති ආකාරයකට සිතා ගන්නා “ලෙසය.

එසේම සිය බෑනාට එරෙහි රාජිත සේනාරත්න අසත්‍ය ලේඛන ඉදිරිපත් කරමින් එකල පාර්ලිමේන්තුවේ දී එල්ල කළ අභූත චෝදනා නිසා වසර පහක් තිස්සේ ඔහුට සැඟව ජීවත් වීමට සිදු වූ බවත් ඔහු සිහිපත් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස