එදා ප්‍රේමදාස මහත්තයට ගහපු ප්‍රභූ කුල්ටූර් පන්තිය සජිත්ට ගහනවා…! – සමගි බලෙන් අනුරට පිළිතුරු….

September 15, 2021 at 9:07 pm | by emanisa.lk

පාර්ලිමේන්තු මන්ත්‍රී ආසන 54ක් සමගි ජන බලවේගයට ලබා දෙමින් සජිත් ප්‍රේමදාස විපක්ෂ නායක ධූරයට පත්කළේ මේ රටේ ජනතාව බව ඉමිතියාස් බාකිර් මාර්කර් පවසයි.

අද සජිත් ප්‍රේමදාස මේ රටේ නායකත්වයට නුසුදුසු යැයි සිතන කුල්ටූර් පන්තිය එදා රණසිංහ ප්‍රේමදාස ද නායකත්වයට නුසුදුසු යැයි සිතූ බව සමගි ජන බලවේග මන්ත්‍රීවරයා ප්‍රකාශ කරයි.

කුළ සීමා ආර්ථික සීමා බිඳ දමා රණසිංහ ප්‍රේමදාස ජනාධිපති ධූරයට පත් වූ ආකාරයට ම ප්‍රගතිශීලි ජනතාවගේ ආශීර්වාදයෙන් සජිත් විපක්ෂ නායක ධූරයට පත්ව ඇතැයි ද ඔහු පෙන්වා දෙයි.

දෙස් විදෙස් බලවේග විසින් පොදුජනතාව තෝරාපත් කළ එම නායකත්වය උපාය මාර්ගිකව වෙනස් කිරීමට සිතන බව ද බාකිර් මාර්කර් සඳහන් කරයි.

එම ජනතා නායක්තවය විපක්ෂයේ සියලු දෙනා පිළිගත යුතු බවත් ඊට එරෙහිව කල්ලි කණ්ඩායම් හදන අය උදව් කරන්නේ අධිපතිවාදී ආණ්ඩුවට බවත් ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස