එදා පළාත් සභා ටික දිනාගන්න බැරිවුණේ සරත්ලා නිසයි…! අද ඡන්දේ තිබ්බොත් අපි පරාදයි…! විනය පරික්ෂණ තැබිය යුත්තේ සරත්ලටයි…! – පොහොට්ටු මන්ත්‍රී…

September 20, 2021 at 2:22 pm | by emanisa.lk

පළාත් සභා අවශ්‍ය නැතැයි කියමින් පක්ෂයේ මතයට එරෙහිව කටයුතු කළේ ඇමැති සරත් වීරසේකර බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර පවසයි.

එදා පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අවස්ථාවක් ලැබුණේ නම් විශාල ජනප්‍රසාදයක් සහිතව ජයගත හැකිව තිබූ බව ඔහු සඳහන් කරයි.

අද පළාත් සභා ජයගත හැකි ද කියන එකත් ප්‍රශ්නයක් බවත් එම අවස්ථාව අහිමි කළේ සරත් වීරසේකරලා බවත් ජගත් කුමාර අවධාරණය කරයි.

එහෙයින් විනය පරීක්ෂණ පැවැත්විය යුත්තේ සරත් වීරසේකරලාට එරෙහිව බවත් ඕනෑ ම පරීක්ෂණයක් සඳහා තමන් සූදානම් බවත් ඔහු වැඩි දුරටත් පැවසුවේ ය.

පාදුක්ක පොලිස් ස්ථානාධිපති ධූරය සඳහා සිය මිතුරෙකු පත්කර ගැනීමට ජගත් කුමාර පොලිසියට බලපෑම් කළ බවට ඇමැති සරත් වීරසේකර සිදුකළ ප්‍රකාශයට පිළිතුරු දෙමින් ජගත් කුමාර මේ බව සඳහන් කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස