වත්මන් ආණ්ඩුව බලයට පත්කර රටට ආදරයෙන් බිත්තිවල චිත්‍ර ඇන්ද තරුණයන් මේ වන විට රටින් පිටවීම සඳහා පාස්පෝට් පෝලිම්වල සිටින්නේ ද යන්න සොයා බැලිය යුතු බව අගමැති මහින්ද රාජපක්ෂ පවසයි.
මෙම තරුණයන් චිත්‍ර ඇන්දේ අතේ වියදමින් බවත්, කිසිවෙකුත් ඊට ඇරයුම් නොකළ බවත්, ඔවුන්ගේ නම් පවා එම චිත්‍රවල පළ නොකළ බවත් අගමැතිවරයා අවධාරණය කරයි.
පක්ෂ දේශපාලනයෙන් මේ රට අවලස්සන වී ඇති බවත්, තරුණයන් තාප්පවල චිත්‍ර ඇඳ ප්‍රකාශ කළේ මේ කැත දේශපාලනයෙන් රට අවලස්ස්න නොකරන ලෙස බවත් අගමැතිවරයා පෙන්වා දුන්නේය.
මේ තරුණයන් අද පාස්පෝට් පෝලිම්වල සිටින්නේ නම් ඊට හේතුව සොයා බැලිය යුතු බව ද අගමැතිවරයා සඳහන් කළේය.
විවිධ වර්ජන විරෝධතා ලෙස කරළියට එන්නේ වත්මන් ආණ්ඩුව බලයට පත්ව ජිනීවා යුද අපරාධ චෝදනා යෝජනාව ප්‍රතික්ෂේප කිරීම ආදියෙහි ප්‍රතිඵල බවත් පොදුජන පෙරමුණ මේ තත්ත්වය ජනතාව වෙත ගොස් කියා දීමේ දේශපාලනය ආරම්භ කළ යුතු බවත් හෙතෙම කීවේය.
විපක්ෂයේ සිටිය දී පාස්කු ප්‍රහාරය අවස්ථවේ ජනතාව ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ සඳහා මෙහෙය වීම වෙනුවට ඔවුන්ගේ ආවේග පාලනය කරමින් රට අඳුරේ තබන වැඩ වර්ජන නොකැඳවමින් වගකීම් සහගත ලෙස කටයුතු කළ නිසා සුවිශාල මැතිවරණ ජයග්‍රහණයක් තම පක්ෂයට හිමි වූ බවත් අගමැතිවරයා සිහිපත් කළේය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පස්වන සංවත්සරයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.