එදා අමු මාළු කාලා ප්‍රාතිහාර්ය පාද්දි මට නිද්දා කළා! අද මුළු ලෝකය ම මට ප්‍රශංසා කරනවා! – දිලිප්

November 27, 2020 at 10:17 pm | by emanisa.lk

කොරෝනා වසංගත තත්ත්වය නිසා මසුන් අලෙවි කරගත නොහැකිව ඇති වූ ප්‍රශ්නයට අමුවෙන් මසුන් කමින් තමා එදා පිළිතුරු ලබා දෙන විට බොහෝ දෙනා තමන්ට නින්දා කළ බව සමග ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චි පවසයි.

එහෙත් මේ වන විට මුළු ලෝකය ම තමන්ට ප්‍රශංසා කරන බව ද මන්ත්‍රීවරයා හෙළි කළේ ය.

එපමණක් නොව අද මේ රටේ සමස්ත ජනතාව බියෙන් සැකයෙන් තොරව මාළු පරිභෝජනය කරන බව ද දිලිප් වෙදආරච්චි වැඩි දුරටත් සඳහන් කළේ ය.

අද (27) පාර්ලිමේන්තුවේ දී අයවැය විවාදයට එකතු වෙමින් මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *