රනිල් වික්‍රමසිංහ මෙවර ජනාධිපතිවරණයට තරඟ වැදීම නිසා ඔහුට ගෞරවණීය ලෙස විශ්‍රාම යාමට තිබූ අවස්ථාව අහිමි වන බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා පවසයි.
මෙවර රනිල් වික්‍රමසිංහ තුන් වන ස්ථානයට පත්වීම ස්ථිර බවත් ඒ වෙනුවෙන් ලක්ෂ 100ක ඔට්ටුවක් ඇල්ලීමට සූදානම් බවත් ඔහු අවධාරණය කරයි.
කෙසේ වුවද රනිල් වික්‍රමසිංහ තරඟ වැදීම නිසා සිය ඡන්ද ප්‍රමාණයක් කැඩෙන අතර එහි වාසිය ගැනීමට 88-89 සහ පසුගිය අරගල සමයේ රටට විශාල විනාශයක් කළ පිරිස මාන බලමින් සිටින බව ද හර්ෂණ රාජකරුණා සඳහන් කළේය.
හිරු බලය වැඩසටහනට එකතු වෙමින් හෙතෙම මේ බව කීය.