එජාප ශ්‍රීලනිප ජාතික ආණ්ඩුව නැවතත්.. ඇමති ධුර සඳහා ශ්‍රීලනිප නම් 4ක්… 20 සම්මත කර විධායක ජනාධිපති ධුරය අහෝසි කරන සැලසුමක් ඒ පිටුපස…!

March 26, 2019 at 11:03 am | by admin

එක්සත් ජාතික පක්ෂය සමග නැවතත් ජාතික ආණ්ඩුවක් පිහිටු වීමට ජනාධිපති මෛත්‍රීිපාල සිරිසේන පෙරළිකාර දේශපාලන තීන්දුවක් ගන්නට සූදානම් වන බවට තොරතුරු වාර්තා වෙයි. ජනාධිපතිවරයා ජාතික ආණ්ඩුවක් සඳහා බාධා නොකරන බව එජාපයට දන්වා ඇතැයි මීට පෙර වාර්තා විය.

එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවට සහාය පළ කරන ශ්‍රීලනිප මන්ත්‍රීවරු 4 දෙනෙකුට ඇමති ධුර ලබා දෙන ලෙස ඉල්ලා එජාපය ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කර තිබේ. කෙසේ වෙතත් මේ වන තෙක් ජනාධිපතිවරයා ඒ පිළිබඳ නිල ප්‍රකාශයක් නිකුත් කර නොමැත.

මෙසේ ඇමති තනතුරු සඳහා යෝජනා වී ඇත්තේ විජිත් විජිතමුණි සොයිසා, පියසේන ගමගේ, ලක්ෂ්මන් සෙනෙවිරත්න සහ ඒ.එච්.එම්. ෆවුසි යන අයගේ නම්ය.

මේ අතර ලංකා කම්කරු කොංග්‍රසයට ද ආණ්ඩුවට එකතු වන ලෙස ප්‍රබල ඇමතිවරුන් දෙදෙනෙකු හමු වී ආරාධනා කර තිබේ. එහි දී ලංකා කම්කරු කොංග්‍රසයට ප්‍රබල ඇමති ධුර ලබා දීමට ද යෝජනා වී තිබේ. කෙසේ වුවද ආරුමුගම් තොණ්ඩමන් මෙතෙක් ඒ සඳහා කැමත්ත ලබා දී නොමැත.

ජනාධිපතිවරයාගේ ද සහාය ලබා ගෙන 20 වෙනි සංශෝධනය සම්මත කරගෙන විධායක ජනාධිපති ධුරය අහෝසි කර ඊට පසු විධායක අගමැතිවරයා යටතේ පාර්ලිමේන්තුව මගින් තෝරා ගනු ලබන නාම මාත්‍රික ජනාධිපති ධුරය මෛත්‍රීපාල සිරිසේන මහතාට ලබා දීම එජාපයේ ජවිපෙ ඇතුළු පක්ෂවල සැලසුම බව වාර්තා වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස