එජාප වේදිකාවට නැඟ සතියෙන් රූකාන්ත ගුටිකයි!

February 24, 2019 at 4:30 pm | by admin

ඊයේ (23) රාත්‍රී පෞද්ගලික රූපවාහිනි නාලිකාවකින් විකාශය කෙරෙන ගී තරු තේරිමේ තරඟයකින් ඉවත් වු තරඟකරුවෙකුගේ අධාරකරුවන් පිරිසක් ගායන ශිල්පි රූකාන්ත ගුණතිලකට සහ ඔහුගේ මෝටර් රථයට පහර දී තිබේ.

බොරලැස්ගමුව රත්තනපිටියේ මෙම තරඟය පවත්වා ඇති අතර රාත්‍රී 9.45ට පමණ තරඟය අවසන් වි ඇත. මත්තේගම පොලීසිය පවසන්නේ මෙම පහර දීම ඉන් අනතුරව සිදුව ඇති බවයි.

කෙසේ වුවද පහර දීමෙන් රූකාන්ත ගුණතිලකට හෝ ඔහුගේ මෝටර් රථයට බරපතළ හානි සිදු වි නොමැත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *