ජාතික සේවක සංගමයේ ඛණිජ තෙල් වෘත්තීය සමිති ශාඛාවේ කැඳවුම්කරු ආනන්ද පාලිත විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ වෘත්තීය සමිති කටයුතු සම්බන්ධ විශේෂ සහකාර තනතුරට පත්කරනු ලැබීය.
ඊට අමතරව ඔහු සමගි ජන බලවේගයේ වෘත්තීය සමිති මාධ්‍ය ප්‍රකාශක තනතුරට ද පත්කරනු ලැබීය.
මේ සමග ම ආනන්ද පාලිතට සමගි ජන බලවේග පක්ෂ වෘත්තීය සමිති යාන්ත්‍රණය ශක්තිමත් කිරීමටත්, එහි මාධ්‍ය කටයුතුවලට සක්‍රිය දායකත්වය සැපයීමටත් අවස්ථාව හිමි වෙයි.
මීට අදාළ පත්වීම් ලිපි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වෙතින් ඊයේ (27) ආනන්ද පාලිත භාරගනු ලැබීය.