එජාප මහ සමුළුවට කොළඹ සෙනඟ ඇති! දුර බැහැර සෙනඟ ගේන්න එපා! – එජාප සංවිධායන්ට අගමැතිගෙන් පණිවිඩයක්….

August 1, 2019 at 4:09 pm | by emanisa.lk

ලබන 05දා කොළඹදී පැවැත්වීමට නියමිත ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ සමුළුවට සෙනග ගෙන ඒමට කරදර නොවන්නැයි එක්සත් ජාතික පක්ෂයේ දුර බැහැර ප්‍රදේශවල ආසන සංවිධායකවරුන්ට අගමැති කාර්යාලයෙන් දැනුම්දීමක් කර තිබේ.

එහෙත් අවම වශයෙන් සෑම ආසනයකින් ම බෞද්ධ භික්ෂුන් වහන්සේලා පස්නමක් අනිවාර්යයෙන් එම සමුළුවට සහභාගී කරවන්නැයි එවැනි ආසන සංවිධායකයින්ට දැනුම් දී ඇත.

මෙසේ එම සමුළුවට ජනතාව සහභාගී කරවීම සිමා කිරීමට තීරණය කර ඇත්තේ, ඇතැම් සංවිධායකයින් එදින අමාත්‍ය සජිත් ප්‍රේමදාස ජනාධිපති අපේක්ෂකයා කරන්නැයි ඉල්ලා හඬක් නැගීමේ සුදානමක් පිළිබඳව වාර්තා වීමත් සමගය.

මේ අතර සජිත්වාදීන් එම සමුළුවේදී කිසියම් කඩාකප්පල් ක්‍රියාවකට සුදානම් වුවහොත් ඊට නිසි ප්‍රතිචාර දැක්වීමට සුදානමින් සිටින්නැයි අගමැති කාර්යාලයෙන් රාජිත සේනාරත්න හා වජිර අබේවර්ධන ඇමතිවරුන් දැනටමත් දැනුම් දී ඇතැයි ද වාර්තා වේ.

සජිත් ප්‍රේමදාස වඩාත් ජනප්‍රිය ග්‍රාමීය එජාප පාක්ෂිකයන්ගේ හඬ යටපත් කර සජිත් ප්‍රේමදාස වටා ගොනුව වී ඇති රැල්ල මාධ්‍යයට සහ රටට සැඟවීම සඳහා මෙම උපක්‍රමය අනුගමනය කරන බව එජාප අභ්‍යන්තර ආරංචි මාර්ග වැඩි දුරටත් සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස