එජාප බහුතර පාර්ලිමේන්තුව යළි කැඳවනු! ජනපති පාර්ලිමේන්තුව විසිරුවා හැරීම බලරහිත කරනු! – සුමන්දිරන් ශ්‍රේෂ්ඨාධිකරණෙට..

April 22, 2020 at 3:47 pm | by emanisa.lk

ජුනි මස 02 දිනට පෙර මහ මැතිවරණය පැවැත්වීමට නොහැකි බැවින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනය බල රහිත කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩුවක් ගොනු කරන බව දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් පවසයි.

ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුහැරීමේ ගැසට් නිවේදනය මාර්තු 02 දින නිකුත් කරන ලදී. එම ගැසට් නිවේදනයට අනුව නැවත මාස තුනක් ඇතුළත නව පාර්ලිමේන්තුව රැස්විය යුතුය. ජුනි මස 02 දිනට පෙර ඡන්දය පැවැත්විය නොහැකි බැවින් එම ගැසට් නිවේදනය වලංගු නොවන බව හිටපු මන්ත්‍රීවරයා පවසයි.

ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව කැඳවුවත් නැතත් ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තුවට රැස්වීමට හැකියාව ඇති බවද ඔහු අවධාරණය කළේය. 2018 නොවැම්බර් මාසයේදී ව්‍යවස්ථාවට පටහැනි ආකාරයට කටයුතු කළ අවස්ථාවේදී ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය ලැබෙන තෙක් කථානායකවරයාට පාර්ලිමේන්තුව රැස් කිරීමේ හැකියාව තිබූ බවද ඔහු සිහිපත් කළේය.

අධිකරණ කටයුතු නතර කර ඇති බැවින් ඊ ක්‍රමයට නඩුවක් ගොනු කිරීමේ හැකියාව ඇති බවද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පැවැසුවේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස