එජාප පාර්ලිමේන්තු මන්ත්‍රීගේ පුතා පොලිස් නිලධාරියෙකුට පහර දෙයි! ගුටි කෑ නිලධාරියාගෙන් සහ මන්ත්‍රී පියාගෙන් පොලිසියට පැමිණිලි!

June 30, 2019 at 4:22 pm | by emanisa.lk

එක්සත් ජාතික පක්ෂයේ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ශාන්ත සිසිර කුමාර අබේසේකරගේ පුතා සිදුකළ පහරදීමකින් ඇමති ආරක්ෂක පොලිස් කොට්ඨාශයේ කොස්තාපල්වරයෙකු තුවාල ලබා හලාවත මහා රෝහලට ඇතුලත් කර තිබේ.

ඊයේ (29) රාත්‍රි 8.45 පමණ මෙම පහර දීම සිදුව ඇති අතර මෙලෙස තුවාල ලබා ඇත්තේ ඇමති ආරක්ෂක කොට්ඨාශයට අනුයුක්තව සේවය කළ සුසන්ත අරුණ කුමාර නමැති පොලිස් කොස්තාපල්වරයෙකි.

පහර කෑමට ලක්වූ පොලිස් නිළධාරියා රෝහල්ගත කිරීමට පෙර හලාවත පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති අතර ශාන්ත සිසිරකුමාර මන්ත්‍රීවරයාද පැමිණිල්ලක් කර තිබේ. අදාළ සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් පරීක්ෂණ ආරම්භ කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස