සහරාන්ගේ බිරිඳ බැලීමට රෝහලට ගිය එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී මන්සූර්ගේ රියදුරා ආයුධ තොගයක් සමග අත්අඩංගුවට!

May 2, 2019 at 4:35 pm | by admin

අම්පාර සමන්තුරේ ප්‍රදේශයේ යුද හමුදාව සිදුකළ සෝදිසි මෙහෙයුමක දී එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මන්සූර්ගේ රියදුරු වන එම්. රසීන් නැමැත්තා බ්‍රවුනින් පිස්තෝලයක්, මයික්‍රෝ පිස්තෝලයක්, මයික්‍රෝ පිස්තෝල උණ්ඩ 20ක්, ටී. 56 මැගසිනයක් සහ උණ්ඩ 171ක්, රිවෝල්වර උණ්ඩ 07ක්, බෝර 12 පතුරන් කොපුවක් සමග අත්අඩංගුවට ගෙන තිබේ. සමන්තුරේ විලිනිඅඩි ප්‍රදේශයේ ඉඩමක බාල්දියක වළ දමා තිබිය දී මෙම ආයුධ තොගය සොයා ගැනිණි.

මන්ත්‍රීවරයාගේ රියදුරු වන එම්. රසීන් නැමැත්තාගේ නිවසට යාබද නිවස පරීක්ෂා කිරීමේදි එහි තිබී ඩෙටනේටර් 200ක් සහ ජෙල්ග්නයිට් කූරූ 200ක් ද යුද හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය 30දා මන්ත්‍රීවරයා සිය ආරක්ෂක භටයන්ද සමග අම්පාර රෝහළට ගොස් ත්‍රස්තවාදී සහරාන් හෂීම්ගේ පවුලේ සාමාජිකයන් බැලීමට උත්සාහ කර ඇත. එහිදී මොහොමඩ් මන්සූර් මන්ත්‍රීවරයාට ත්‍රස්ත නායකයාගේ පවුලේ සාමාජිකයන් බැලීමට ඉඩ නොදුන් අම්පාර රෝහළේ වෛද්‍ය අධිකාරීවරයාට මාරු වීමක් පවා ලබා දී තිබෙන බවට විරෝධතාවයක් එල්ල වී තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස