එජාප ප්‍රබලයෝ ජවිපෙ 20ට එරෙහි වෙති! සජිත් නවීන් රට වෙනුවෙන්! පාඨලි පක්ෂය වෙනුවෙන්!

March 9, 2019 at 12:51 pm | by admin

ජනාධිපති ක්‍රමය අවසන් කිරීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ විසින් ගෙන එනු ලැබූ 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන සජිත් ප්‍රේමදාස, නවීන් දිසානායක, පාඨලී චම්පික රණවක ආදී ප්‍රබලයන් රැසක් විරුද්ධ බව වාර්තා වෙයි.

සජිත් ප්‍රේමදාස සහ නවීන් දිසානායක රටේ ඒකීය භාවය සලකා විධායක ජනාධිපති ක්‍රමය වෙනස් වෙනවාට නොකැමැත්ත පළකරන අතර පාඨලී චම්පික රණවක සිය පක්ෂයේ ප්‍රතිපත්තිය මත පිහිටා විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කරන්නට විරුද්ධ බව පැවසේ.

තවත් පිරිසක් ජනමත විචාරණයකට යෑමට සිදුවීම නිසා සහ ජනමත විචාරණයකින් ජයග්‍රහණය කිරීම අසීරු බව සලකා මෙම සංශෝධනයට විරුද්ධ බව ප්‍රකාශ වේ. මෙම තත්ත්වය තුළ 20 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවේ සම්මත කරගැනීම දුෂ්කර බව ආණ්ඩුවේ ආරංචිමාර්ග තහවුරු කරයි.

ජනතා විමුක්ති පෙරමුණ පසුගියදා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ හමු වී මේ පිළිබඳ සාකච්ඡා කළ අතර එහි දී ඔහු පවසා ඇත්තේ 13 වන ව්‍යවස්ථා සංශෝධනය සහ සමානුපාතික මැතිවරණ ක්‍රමය වෙනස් නොකර විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම කළ නොහැකි බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස