එජාප ප්‍රබලයෝ ගෝඨා එක්ක ඩීල් දානවා! ගෝඨාගේ ආණ්ඩුව යටතේ රැකවරණය යදිනවා! – ඇමති නිරෝෂන් පෙරේරා

August 7, 2019 at 11:50 pm | by emanisa.lk

එක්සත් ජාතික පක්ෂයේ සභාපති සහ අගමැති කාර්ය මණ්ඩල ප්‍රධානී වැනි ප්‍රධාන චරිත ගෝඨාභය රාජපක්ෂගේ නිවසට ගොස් තමන් බලයේ සිටින විට රාජපක්ෂලා රකින්නත් රාජපක්ෂලා බලයේ සිටින විට තමන් රකින්නත් යනවා නම් එය එජාපයට මෙන්ම රටටත් විශාල අභාග්‍යයක් බව ඇමති නිරෝෂන් පෙරේරා පවසයි.

අවුරුදු ගණනාවකට පසු එක්සත් ජාතික පක්ෂ ජනාධිපතිවරයකු පත්කර ගැනීමට වැඩ කිරීමට පක්ෂය සූදානම් වන අවස්ථාවක මෙය සිදු නොවිය යුත්තක් බව හෙතෙම පවසයි.

රෑ දනියෙල් දවල් මිගෙල් වැනි ඩීල් තබා නොගන්නා ලෙසත් ජනාධිපතිවරණය කරනවා නම් හරියට කළ යුතු බවත් ඇමතිවරයා පවසයි.

එසේ නොකර භාගෙට ජනාධිපතිවරණය සිදුකර පැරදී පාක්ෂිකයාට ගමේ සිටිය නොහැකි තත්ත්වයට කටයුතු නොකළ යුතු බව ඔහු අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස