එජාප පසුපෙළ බාන්න මංගලගෙන් බාර් පර්මිට්! රනිල් පිළ ජනපති සරණ පතයි!

August 28, 2019 at 10:59 am | by emanisa.lk

ඇමති මංගල සමරවීර විසින් සජිත් ප්‍රේමදාස පාර්ශවයට සහාය ලබා ගැනීමට එජාප පසුපෙළ මන්ත්‍රීවරුන් වෙත මත්පැන් අලෙවිසල් බලපත්‍ර සහ වෙනත් බලපත්‍ර ලබා දීමට දියත් කළ වැඩපිළි‍වෙළක් පිළිබඳ රනිල් පාර්ශවය සාකච්ඡා කර ඇතැයි වාර්තා වෙයි.

පසුගියදා පැවති පූර්ව කැබිනට් මණ්ඩල හමුවට පසු රනිල් පාර්ශවය සිදුකළ සාකච්ඡාවේ දී මේ පිළිබඳ සංවාදය මතුව තිබේ.

මේ පිළිබඳ ඇමති රවී කරුණානායක ජනාධිපතිවරයාට පැමිණිලි කර ඇත්තේ එය ජනාධිපතිවරයා ක්‍රියාවට නඟන මතට තිත වැඩපිළිවෙළට පටහැනි බව ද සිහිපත් කරමිනි.

කෙසේ වුවද ජනාධිපතිවරයා ඇමති මංගල සමරවීරගෙන් මේ පිළිබඳ විමසූ විට පවසා ඇත්තේ එජාප මන්ත්‍රීවරුන්ගෙන් එවැනි ඉල්ලීම් ගණනාවක් ලැබී ඇති බවත් ඒ පිළිබඳ තවම තීන්දුවක් ගෙන නොමැති බවත්ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස