එජාප නායක රනිල් ආණ්ඩුවේ ඉත්තෙක්….! ඔහුට කාලය වෙන් කළේ ආණ්ඩුවෙන්…! – සරත්…

July 20, 2021 at 9:22 pm | by emanisa.lk

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහට අද (20) පාර්ලමේන්තුවේ අදහස් දැක්වීම සඳහා කාලවේලාව ලබා දී ඇත්තේ ආණ්ඩු පක්ෂයෙන් බවට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා චෝදනා කරයි.

විපක්ෂයෙන් ඔහුට වෙලාව ලබා දී නොමැති බව ද ෆොන්සේකා අවධාරණය කරයි.

ඇමැති ගම්මන්පිලට නොව සමස්ත ආණ්ඩුවට ම එරෙහිව විශ්වාසභංගය රැගෙන එන ලෙස රනිල් වික්‍රමසිංහ යෝජනා කරන්නේ ආණ්ඩුවේ වුවමනාවට, ආණ්ඩුව බේරාගැනීමට බව ද ඔහු චෝදනා කළේය.

මේ ආකාරයට ආණ්ඩුවේ වුවමනාව මත විපක්ෂයේ කකුලෙන් ඇදීමට පියවර නොගන්නා ලෙසත්, ඒ සඳහා ඉඩ ලබා නොදෙන බවත් ෆොන්සේකා ප්‍රකාශ කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *