එජාප නායකත්ව සටන සජිත්ට බරවෙයි! නායකයා තෝරන්න ඡන්දයක්!

January 10, 2020 at 9:17 am | by emanisa.lk

එක්සත් ජාතික පක්ෂ නායකත්වය පිළිබඳ අවසන් තීන්දුව එළඹෙන බ්‍රහස්පතින්දාට (16) ගැනීමට තීන්දු කර තිබේ.

ඒ පැය 4කට අධික කාලයක් ඊයේ (09) එජාප මන්ත්‍රීවරුන් හමු වී සාකච්ඡා කිරීමෙන් පසුය.

මෙහිදී පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ නායකත්ව මණ්ඩලයක් යෝජනා කර ඇති අතර සජිත් ප්‍රේමදාස එක් නායකයකු සඳහා ඡන්දයක් කැඳවිය යුතු බව යෝජනා කර තිබේ.

මෙම අවස්ථාවට එක්වූ එජාප මන්ත්‍රීවරුන් 33ක බහුතරයක් සජිත් ප්‍රේමදාසගේ යෝජනාවට පක්ෂ වී තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස